මැතිවරණ කොමසාරිස් ඉල්ලා අස්වෙයි
මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා ද සිය ධුරයෙන් ඉල්ලා අස් වනු ඇති බව වාර්තා වෙයි.
ව්‍යවස්ථා සභාව විසින් ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් බඳවා අයදුම්පත් කැඳවීමේ තීරණයෙන් අනුව මෙම ඉල්ලා අස්වීම සිදුවනු ඇති බවද පැවසෙයි.
මැතිවරණ කොමිසමේ සාමාජික පී.එස්.එම්. චාල්ස් මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස් වූ අතර එම ලිපිය ජනාධිපති කාර්යාලය වෙත යොමු කර තිබේ.
ව්‍යවස්ථා සභාව විසින් එහි මංගල රැස්වීමේදීම ස්වාධීන කොමිසන් සභා නවය සදහා නව සාමාජිකයන් පත් කිරීමට තීරණය කර ඇත.
මැතිවරණ කොමිසන් සභාව, රාජ්‍ය සේවා කොම්සම, ජාතික පොලිස් කොමිසම, විගණන සේවා කොමිසම, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, මුදල් කොමිසම, සීමා නිර්ණ කොමිසම, ජාතික ප්‍රසම්පාදන කොමිසම සදහා ඒ අනුව නව සාමාජිකයන් පත් කිරීම සිදුවෙයි.
ඒවාට නව සාමාජිකයන් පත් කිරීමට අයදුම්පත් කැඳවා සති අන්ත පුවත්පත්වල දැන්වීම් පළ කිරීමටද නියමිතව තිබේ. එම අයදුම්පත් යොමු කිරීම සඳහා සති දෙකක කාලයක් ලබාදී ඇති අතර ඉන් අනතුරුව අයදුම්පත් සලකා බැලීමට නියමිතව තිබේ.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

