Latestදේශීය

අද (26) ප්‍රදේශ රැසකට වැසි

දිනයට නියමිත කාලගුණ වර්තාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද (26) බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් ,මහනුවර ,නුවරඑළිය ,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

එසේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ, මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත්තේ නැගෙනහිර සහ ඌව පළාත්වල ,හම්බන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති වීමේ හැකියාව තිබෙන බවයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තද සුළඟින් සහ අකුණු මඟින් ඇතිවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය කටයුතු ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *