මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කරනවා – බන්දුල ගුණවර්ධන
කොළඹ වරාය නගරයේ සිට මීගමුව දක්වා කුලුණු මත දිවෙන මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටත් ඒ අනුව අවශ්‍ය ඉදිරි පියවර කඩිනමින් ගැනීමටත් ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
කොළඹ වරාය නගරයේ සිට මීගමුව දක්වා දුම්රිය ස්ථාන 25 ක් සංවර්ධනය කෙරෙමින් ඉදිකිරීමට යෝජිත කුළුණු මත දිවෙන මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙත ආයෝජනය සිදු කිරීමට යෝජිත සමාගම විසින් කරුණු ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව කොළඹ වරාය නගරයේ සිට මීගමුව දක්වා කිලෝමීටර් 41ක දුරක් කුළුණු මත ඉදිවෙන මාර්ගයක් ඔස්සේ මෙම මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය සිදු කිරීමට යෝජනා කර තිබේ. එහිදී ශ්‍රී ලංකා රජයේ කිසිදු මුදල් වැයකිරීමකින් තොරව ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක මුදලක් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් අදාළ පෞද්ගලික සමාගම විසින්ම ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර තිබේ. ඊට සමගාමීව තෝරාගත් දුම්රිය ස්ථාන 5 ක් දුම්රිය ස්ථාන ආශිත නගර ලෙස ලෙස නවීකරණය කිරීමටද ඔවුන් බලාපොරොත්තු වේ.
රජයේ කිසිදු පිරිවැයකින් තොරව සිදුකෙරෙන ඉතාමත් වාසිදායක මෙම ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳ සලකා බලමින් ඒ පිළිබඳව රජයේ කඩිනම් අවධානය යොමු යොමුකර ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටත් ඒ අනුව අවශ්‍ය ඉදිරි පියවර කඩිනමින් ගැනීමටත් අමාත්‍යවරයා විසින් අමාත්‍යංශයේ නිලධාරින්ට එම අවස්ථාවේදීම උපදෙස් ලබා දෙන ලදී. ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මේ ව්‍යාපෘතිය සඳහා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය සහ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ඒකාබද්ධ යෝජනාවක් ලෙස කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවති මෙම සාකච්ඡාවට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා , ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නියෝජිකයින්, අමාත්‍යංශ නිලධාරීන් සහ ආයෝජන සමාගමේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

