“ප්‍රාණ” බලන්න එන්න
සංජය නිර්මාල් විසින් අධ්‍යක්ෂණය කළ ප්‍රාණ චිත්‍රපටය පිළිබද විද්වත් සිනමා කතිකාව හෙට (28) සවස 1.00ට මරදාන සමාජය හා සාමයික කේන්ද්‍ර (CSR) ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතයි. සිනමා විචාරක බූපති නලීන් වික්‍රමගේ, අජිත් ගලප්පත්ති, සිරිල් ගාමිණී පියතුමා, තුසිත ජයසුන්දර සහ තිළිණ අලහකෝන් විසින් මෙම විද්වත් කතිකාවේ අදහස් දැක්වීමට නියමිතයි.

සදලි තරුෂිකා සහ සචින්තනී කෞෂල්‍යා විසින් කතිකාව මෙහෙයවීමට නියමිත අතර නොමිලේ චිත්‍රපටය රසවිදීමට මෙහිදී ප්‍රේක්ෂකයින් හට අවස්ථා හිමිවේ.
ප්‍රාණ චිත්‍රපටය සම්බන්ධයෙන් වූ මෙම විද්වත් සිනමා කතිකාව සංවිධානය කරනු ලබන්නේ මරදාන සමාජය හා සාමයික කේන්ද්‍ර (CSR) මගිනි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

