Latestදේශීය

චෝදනා පත්‍රය ලැබෙන තෙක් බලා සිටිනවා – ජනක රත්නායක

ජනක රත්නායක මහතා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ඒ සඳහා අදාල චෝදනා පත‍්‍රයට ආණ්ඩු පක්‍ෂයේ සියලුම මන්ත්‍රීවරුන් එකග වී ඇති බව ද හෙතෙම පැවසීය.

විදුලි ගාස්තු ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ප්‍රතික්ෂේප කරමින් ජනක රත්නායක මහතා විසින් අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා යවනු ලැබූ ලිපිය ඔහුගේ අභිමතය පරිදි යොමු කර ඇති බවත් එය කොමිසමේ සෙසු සාමාජිකයන්ගේ අදහස් විමසීමකින් තොරව යොමුකර ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියි.

අඛණ්ඩ විදුලි ලබාදීමට හැකියාව තිබියදී විදුලි බල මණ්ඩලය එසේ නොකරන බවට ජනක රත්නායක මහතා මාධ්‍ය වෙත කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද ඇමැතිවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ අමාත්‍යවරයා පවසන චෝදනා පත්‍රය තමන් වෙත ලැබෙන තෙක් තමන් බලා සිටින බවයි.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *