Latestදේශීය

ආර්ථික යුක්ති කවුන්සිලය සහ ව්‍යවස්ථාදායක කවුන්සිලය වැඩ අරඹයි

මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරය විසින් ඊයේ (29)  ආර්ථික යුක්ති කවුන්සිලය සහ ව්‍යවස්ථාදායක කවුන්සිලය ජනගත කරනු ලැබුවා. ඒ කොළඹ ජාතික පුස්තකාලයේදී.

ජනතා බලාපොරොත්තු, අවශ්‍යතාවයන් සහ අරමුණු මත පදනම්ව ජනතාවාදී ව්‍යවස්ථාවක් සහ ආර්ථික වැඩපිළිවෙළක් සඳහා මෙම ආර්ථික යුක්ති කොමිසම සහ ව්‍යවස්ථාදායක කොමිසම සෑම සියලු ක්ෂේත්‍රයක්ම මෙන්ම ජන කොටසක්ම නියෝජනය වන පරිදි රටපුරා යමින් ජනතා අදහස් ලබා ගැනීමට අපේක්ෂිතයි.

එහි සමාරම්භක අවස්ථාවට එක් වෙමින්  අදහස් දැක්වීමට පැමිණි විශාල පිරිසක් තම අදහස් සෘජුව මෙන්ම නිර්භීතව ප්‍රකාශ කරමින් රටේ හෙට දවස වෙනුවෙන් ආර්ථික යුක්තිය ශාක්සාත් කර ගැනීමට  සහ ජනතා ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමට ක්‍රියා කළ බවයි මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරය පවසන්නේ.

තවද මෙම ආරම්භ කළ කර්තව්‍යය හරහා  ඉදිරි කාලය තුළ රට පුරා යමින් ජනතා සාක්ෂි ලබා ගැනිමට අපේක්ෂිත අතර ඒ හරහා ජනතාව සක්‍රීය ලෙස දේශපාලනයට දායක කර ගැනීමට බලාපොරොත්තු වන බව එම ව්‍යාපාරය වැඩි දුරටත් පවසනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *