Latestදේශීය

පොහොට්ටුව ලොකු අවුලක – ජනරැලි කිසිවක් නෑ

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී ජනහමු පැවැත්වීම සංවිධානය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බරපතළ අර්බුදයකට මුහුණ පා ඇත.

දැනටමත් සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ රට පුරා තම ජනහමු පැවැත්වමින් ඇතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් පක්‍ෂ නායක මට්ටමේ ප්‍රධාන පෙළේ කිසිම ජන හමුවක් පවත්වා නැත.

පක්‍ෂයේ ආරංචි මාර්ග පවසන්නේ මැතිවරණ අපේක්ෂකයන් මෙන්ම ආසන සංවිධායක ද දැනුම් දී ඇත්තේ මේ මොහොතේ ජනහමු සංවිධානය කිරීම ඉතා අසීරු තත්වයක පවතින බවයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ද මෑතක දී සඳහන් කර තිබූනේ පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජන හමු රැසක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

නමුත් ඒවා පැවැත්වෙන්නේ කොහෙදැයි හෝ පලමු ජනරැලිය පැවැත්වෙන ස්ථානයක් මෙතෙක් නිලවශයෙන් ප්‍රකාශයට පත්කර නැත.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *