Latestදේශීය

වෘත්තීය සමිති එකමුතුවේ විශේෂ හමුවක්

අද (30)වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින්ගේ විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව ඇත. 

ඒ ,පසුගිය සතියේ එම වෘත්තීය සමිති එකමුතුව ක්‍රියාත්මක කළ කළු විරෝධතා සතියේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බවයි සඳහන් වන්නේ.

රුපියල් ලක්ෂය ඉක්මවන මාසික ආදායම් මත 6% සිට 36% දක්වා බදු අයකරන ආණ්ඩුවේ ප්‍රතිපත්තියට එරෙහිව  එම ප්‍රතිපත්තිය වහා හකුලා ගන්නැයි බලකරමින් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව මෙම කළු විරෝධතා සතිය ආරම්භ කළා.

විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපතිවරයා සඳහන් කළේ, මෙම හමුව සඳහා වෘත්තීය සමිති 30ක පමණ නියෝජිතයින් සහභාගි වීමට නියමිත බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *