කොළඹ වරාය සේවකයින් පැයකට වැඩ නවතයි
රජය විසින් හඳුන්වා දුන් බදු සංශෝධනවලට විරෝධය පළ කරමින් කොළඹ වරායේ සියළු සේවකයින් අද (30) පැයක කාලයක් සිය සේවාවලින් ඉවත්ව උද්ඝෝෂණයක නිරතවන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති පවසනවා.ඒ අනුව අද දිනයේ දහවල් 12.00 සිට 1.00 දක්වා වාරායේ කිසිඳු කටයුත්තක් සිදු නොවන බවත් අද පැවැත්වෙන විරෝධතාව ඉදිරියේදී සමස්ත වරාය වැඩවර්ජනයක් දක්වා යාමට ඉඩ තිබෙන බවද ඔහු සඳහන් කළා.
මෙම ක්‍රියාමාර්ගයට රජය දක්වන ප්‍රතිචාර අනුව සිය ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කරන බවයි පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න සඳහන් කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

