නිදහස් දින පෙරහුරු අද (30) නොපැවැත්වේ
75 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද නොපැවැත්වෙන බව වා්රතා වේ.
ඒ අනුව අද මාර්ග වසා තැබීමක් සිදුනොවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
නිදහස් දින පෙරහුරු හේතුවෙන් ප්‍රකාශයට පත් කළ මාර්ග සැලසුම යළි ක්‍රියාත්මක වන්නේ, ලබන පළමු වැනිදා සිට පෙබරවාරි 4 වැනිදා දක්වා ය.
රථවාහන සැලසුමට අනුව උදෑසන 05 සිට දහවල් 12 දක්වා කාලය තුළ කොළඹ ගාලුමුවදොර කේන්ද්‍ර කරගනිමින් මාර්ග 20ක් වසා තැබෙන අතර වාහන ගමනාගමනය ද සීමා කෙරේ.
අදාළ කාලසීමාවේදී එම ප්‍රදේශවල පදිංචිකරුවන්ට පොලිස් රථවාහන නිලධාරීන්ගේ උපදෙස් මත ගමන් කළ හැකියි.
Please follow and like us: