Latestවිදේශීය

පකිස්ථානයේ බස් රථ අනතුරක්

පකිස්ථානයේ නිරිතදිග ප්‍රදේශයේ මාර්ගයක තිබූ පාලමකින් බස් රථයක් පෙරළී තිබෙනවා. බසය පාලමේ තිබු බාධකයක ගැටීමෙන් මාර්ගයෙන් ඉවතට පැනීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා . ඉන් අනතුරුව බස් රථය පෙරලීමෙන් ගින්නක් ඇති වී තිබෙන අතර එම ගින්නට හසුවීමෙන් පුද්ගලයින් හතළිස් දෙනකු පමණ අවම වශයෙන් මිය යන්නට ඇති බවට විදෙස් වාර්තා සඳහන් කර තිබෙනවා. මියගිය පුද්ගලයින්ගේ සිරුරු හඳුනා ගැනීමට නොහැකි වන පරිදි පිලිස්සී ඇති අතර, අනතුර සිදු වන අවස්ථාවේ බස් රථයේ මගින් 48 දෙනෙකු ගමන් කර ඇති බව වාර්තා වනවා.
අනතුරින් තිදෙනෙකු දිවි බේරාගෙන තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *