ATM කාඩ්පත් වංචාවක් – සැකකරුවෙකු අත්අඩංගුවට
පුද්ගලයින් රවටා ඔවුන්ගේ ATM කාඩ්පත්වල රහස් අංකය ලබාගෙන මුදල් ලබාගත් සැකකරුවෙකු ඊයේ (29) දහවල් කාලෙය්දී කුරුණෑගල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු විසින් කුරුණෑගල නරගයේ පිහිටි බැංකුවල ATM යන්ත්‍ර අසල රැඳී සිටිමින් මුදල් තැන්පත් කිරීමට පැමිණෙන පුද්ගලයන් රවටා ATM කාඩ්පතෙහි රහස් අංකය ලබාගෙන ඇති බවයි සඳහන් වන්නේ. පසුව ඔහු ATM කාඩ්පත වෙනත් කාඩ්පතක් සමග මාරු කර එම සොරකම සිදුකර තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 22 හැවිරිදි කොටිකාපල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අද (30) කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

