අද කාලගුණ නිවේදනය
ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන තත්වයේ බලපෑම හේතුවෙන් අද (30) සවස් කාලයේ සිට දිවයිනේ උතුරු, නැගෙනහිර, ඌව, උතුරුමැද සහ මධ්‍යම යන පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 150ක පමණ ඉතා තද වැසිද ඇතිවිය හැකි බව එම දෙපර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

