Latestදේශීය

දෙමළ ජාතික සන්ධානය නිදහස් දිනය වර්ජනය කිරීමට තීරණයක

දෙමළ ජාතික සන්ධානය මෙවර නිදහස් දිනය වර්ජනය කිරීමට තීරණය කර තිබෙන බව සඳහන්.

දෙමළ ජනතාවට ඔවුන්ගේ නිදහස තවමත් නිසි ආකාරයෙන් නොලැබී ඇතිබව සඳහන් කරමින් ඔවුන්  එම තීරණය ගෙන ඇති බවයි  එම සන්ධානය වැඩිදුරටත් සඳහන් කළේ.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා කියාසිටියේ නිදහස ලැබීමත් සමග ප්‍රජාතන්ත්‍රවාදය බහුතරවාදයක් ලෙස පරිවර්තනය වී ඇති නිසා රටේ ජීවත්වන අනිත් ජන කොටස්වලට නිදහසක් නොලැබුණු බවයි.

තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසුවා.

  සිංහල බෞද්ධ ජනතාව තමන්ට නිදහස ලැබුණා කියලා, හිතාගෙන හිටියා. ඒ වුණත් ඒ අයටත් දැනෙනවා තමන්ටත් නිදහස ලැබුණේ නෑ කියලා. ඒ නිසා තමයි මේ 75 වන නිදහස් දිනය කියලා පෙබරවාරි 4 වෙනිදා ජනාධිපතිතුමා ඒක සමරන වෙලාවේදී මේ රටේ ජීවත්වන කාටත් ඒ නිදහස ලැබුණේ නෑ කියලා අපි ප්‍රකාශ කරන්න කැමතියි. ඒ නිසාම අපි මේක සමරන වෙලාවේ මේක කළු දිනයක් කියලා ප්‍රකාශ කරලා, රටට හරියාකාරව නිදහස ලැබෙන්නට අපි ව්‍යාපාරයක් පටන් ගන්නවා.”

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *