පාස්කු ප්‍රහාරය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා සමාව ඉල්ලයි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
හිටපු ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කළේ අද පැවති මාධ්‍ය හමුවකදීයි.
ප්‍රධාන වශයෙන් තම පාලන කාලය තුළ දී වෙනත් අය සිදු කළ වරදකට තමාට වන්දියක් ගෙවීමට සිදුවීම පිළිබඳ හා පාස්කු ප්‍රහාරයෙන් මියගිය ජනතාව සහ අතපය කැඩී එක්තැන්ව සිටින ජනතාව වෙනුවෙන් දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලා සිටින බව හිටපු ජනාධිපතිවරයා මෙම මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.
ඉදිරි ජනාධිපතිවරණයට තමන් තරග කරන බවත් පක්ෂයේ සහයෝගය ඇතිව ඉදිරි ජයග්‍රහණය ලබාගැනීමට හැකියි යන විශ්වාසය මත තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළ බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

