Latestදේශීය

මෙරට සිදුවන මරණවලින් 83% ක් ම සිදුවන්නේ බෝ නොවන රෝගවලින්: සෞඛ්‍ය අමාත්‍යාංශය

මෙරට සිටින දියවැඩියා රෝගීන්ගෙන් 50% ක ප්‍රමාණයක් තවමත් හඳුනාගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය පවසනවා.

මෙරට සිදුවන මරණවලින් 83% ක් ම සිදුවන්නේ බෝ නොවන රෝගවලින් බවයි එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය සඳහන් කරන්නේ.

දියවැඩියා රෝගීන් එම රෝගය පාලනය නොකිරීම හේතුවෙන් වකුගඩු රෝගවලට සහ හෘදයාබාද වලට යොමුවන බව ද එසේ නොවුනහොත් අංසභාග තත්වයන්ට හෝ පත්වන බව ද ඇය පවසනවා.

විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් අධික රුධිර පීඩනය ද ඇතැම් රෝගීන්ට වැළදෙන බවයි.

 ඇය සඳහන් කරන්නේ බොහෝ පිරිස් බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර ලබාගැනීමට යොමු නොවන බැවින් හඳුනා නොගත් රෝගීන් විශාල පිරිසක් සමාජයේ සිටිය හැකි බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *