කොවිඩ් -19 අවධානම තවදුරටත්
කොවිඩ් -19 වෛරසය ගෝලීය වසංගත තත්වයක් ලෙස නම් කර ඊයේ (31) ට වසර 3ක් සම්පූර්ණ විය.
ඒ අනුව කොවිඩ් -19 ගෝලීය හදිසි සෞඛ්‍ය තත්වය තවදුරටත් බලපැවැත්වෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබෙන්නේ උපරිම සෞඛ්‍ය අවදානම් අනතුරු ඇඟවීම් තවදුරටත් පවත්වාගත යුතු බව එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
ගෝලීය වසංගතය මේ වනවිට සංක්‍රාන්ති සමයකට එළඹ ඇතත් තවමත් එහි අවදානම පහව ගොස් නොමැති නිසා තවදුරටත් එයින් ඇතිවිය හැකි බලපෑම සීමාකිරීම සඳහා වසංගතය වඩාත් සැලකිල්ලෙන් කළමනාකරණය කිරීම අනිවාර්ය බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.
ඉකුත් දෙසැම්බර් මාසයේ සිට ලෝකය පුරා වාර්තාවන කොවිඩ් මරණ ගණන කැපී පෙනෙන ලෙස ඉහළ යමින් පවතී.ලොව පුරා මිනිස් ජීවිත මිලියන 6.8ක් මේ වනවිට කොවිඩ් වෛරසයේ ගොඳුරු බවට පත්ව ඇති අතර ගෙවුණු සති 8ක කාලය තුළ ලොව වටා සිදුව ඇති කොවිඩ් මරණ ගණන 170,000ක් බව ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩිනම් ගේබ්‍රියාසිස් වැඩිදුරටත් පවසා තිබෙනවා.
ලෝකයේ සෑම රටකින්ම කොවිඩ් රෝගීන් වාර්තාවී තිබෙන අතර මෙම වෛරසය ලෝක ආර්ථිකයට වූ බලපෑම ද ගණනය කළ නොහැකි බවද ඔහු පවසනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

