භාණ්ඩ වර්ග 4 ක මිල අඩු කරනවා – ලංකා සතොස
භාණ්ඩ වර්ග 04 ක මිල අද (02) සිට තවදුරටත් පහළ දමන බව ලංකා සතොස පවසනවා. ඒ අනුව වියළි මිරිස් කිලෝග්රෑමයක් රුපියල් 25 කින්ද , ලොකු ලූණු කිලෝග්රෑමයක් රුපියල් 15 කින්ද,දේශීය රතු කැකුළු කිලෝග්රෑමයක් රුපියල් 10 කින්ද ,පාන්පිටි කිලෝග්රෑමයක් රුපියල් 5 කින් පහළ දැමෙනවා.
ඒ අනුව වියළි මිරිස් කිලෝග්රෑමයක් රුපියල් 1,675ක් , ලොකු ලූණු කිලෝග්රෑමයක් රුපියල් 165ක් , දේශීය රතු කැකුළු කිලෝග්රෑමයක් රුපියල් 169ක් ,පාන්පිටි කිලෝග්රෑමයක් රුපියල් 230 ක් ලෙස නව මිළ සදහන් වේ.සතොස හරහා මෙම භාණ්ඩ මෙම මිළ ගණන් යටතේ මිලදී ගැනීමට පාරිභෝගික ජනතාවට අවස්ථාව හිමිවනු ඇති.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

