නිදහස් දිනයට සමගාමීව සිරකරුවන් 588 දෙනෙකුට ජනාධිපති සමාව
75 වන ජාතික නිදහස් දිනයට සමගාමීවයි දිවයින පුරා බන්ධනාගාරගත සිරකරුවන් 588 දෙනෙකුට හා රැඳවියන් 31 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දී තිබෙනවා.
මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මගින් දඬුවම් ලැබ , පුනරුත්ථාපනය වන සිරකරුවන් පිරිසකටද මෙසේ ජනාධිපති සමාව හිමිව ඇත.
ඒ සඳහා සුදුසුකම් ලබන රැඳවියන් සංඛ්‍යාව පසුව දැනුම් දෙන බවයි අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, චන්දන ඒකනායක මහතා සඳහන් කර සිටියේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ ජනාධිපති සමාව හිමි වූ බන්ධනාගාර තුළ යහපත් කල්ක්‍රියාවෙන් සිටි රැඳවියන් 31දෙනා හෙට (04) බන්ධනාගාරයෙන් පිටත්ව යන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

