ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථවෙයි
හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වී ඇත.
කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ ස්වර්ගස්ථ වන විට උන්වහන්සේ 90 හැවිරිදි වියේ පසුවු බවයි කොළඹ අගරදගුරු පදවිය ප්‍රකාශ කරන්නේ.
ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපතිවරයෙකු වශයෙන් ද කටයුතු කර තිබෙනවා.
1958 වසරේදී අති උතුම් තෝමස් කාදිනල් කුරේ හිමිපාණන් වෙතින් කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී පූජකවරය ලබා, පූජකවරයෙකු ලෙස ඉතා විශිෂ්ට සේවාවක් කර ඇත.
1968 – 1996 දක්වා කොළඹ අගරදගුරු පදවි සහයක රදගුරු හිමිපාණන් ලෙස ත්, 1996 සිට අනුරාධපුර රදගුරු වසමේ රදගුරු හිමිපාණන් ලෙස ත් සේවය කළ උන්වහන්සේ 2002 වසරේ ජූලි 27 වන දින කොළඹ අගරදගුරු පදවියේ අගරදගුරු පදවියට පත් විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

