Latestදේශීය

‘Slave Island’ වෙනස් වෙයි

ඉංග්‍රීසි භාෂාවෙන් ‘Slave Island’ ලෙස හැඳින්වූ කොම්පඤ්ඤවීදිය සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම “කොම්පඤ්ඤ වීදිය” ලෙස භාවිත කිරීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මගපෙන්වීම මත  අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත.

කොම්පඤ්ඤ වීදිය  සිංහල හා දෙමළ භාෂාවෙන් භාවිත කළ ද ඉංග්‍රීසි භාෂාවෙන් තවමත් එම ප්‍රෙද්ශය හැඳින්වෙන්නේ  යටත් විජිත සමයේ එම පෙදෙස හැඳින්විමට යොදාගත් ‘Slave Island’ යන නමයි.
 

මෙයට අදාළ නිසි සංශෝධනයන් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් දී ඇත.

75 වෙනි නිදහස් දිනයට සමගාමීව ගෙන ඇති මෙම තීරණය සම්බන්ධයෙන් තැපැල්පතිවරයා හා කොළඹ මහ නගර සහාවේ නාගරික කොමසාරිස්වරයා ද දැනුවත් කර ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසන්නේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *