Latestදේශීය

තිස්ස ඩයස් මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රකට ගී පද රචකයෙකු සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන තිස්ස ඩයස් මහතා අභාවප්‍රාප්ත වී  ඇත.

1957 වසරේ මැයි 4 වැනිදා කළුබෝවිලදී උපන් ඔහු මියයන විට වයස අවුරුදු 64 වන වියේ පසුවු අතර ඵ් මහතා  කලක පටන්  රෝගාතුරව සිට ඇත.

සිනමා තිර රචකයෙකු ලෙස ද කටයුතු කළ ඔහු මේ නොනිමෙන දිවි ගමනේ, පුංචි දෝනී තරහා වෙලා, පියාණෙනී මා, පතනාදේ සුන් වේ නම් ආදී ගීත තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක්  හෙළ ගීත සාහිත්‍යයට දායාද කර තිබෙනවා.

අතුරුගිරිය, වල්ගම පිහිටි අංක 380 / 3 දරණ නිවසේ  ඵ් මහතාගේ  දේහය මේ වනවිට තැන්පත් කර ඇත.

දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා පන්නිපිටිය ක්‍රිස්තුරාජ දේවස්ථාන සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව  ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *