හෙට ගාලුමුවදොර විරෝධතා පැවැත්වීම වලක්වාලමින් අධිකරණ නියෝගයක්
හෙට පැවැත්වීමට නියමිත 75 වන ජාතික නිදහස් සැමරුම් උළෙලට විරෝධය පළ කරමින් හෙට (04) කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතාවලට අදාළව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
75 වන ජාතික නිදහස් සැමරුමට බාධා වන අයුරින් හෙට දිනයේ කිසිදු විරෝධතාවයක් නොපැවැත්විය යුතු බවයි අධිකරණය විසින් නිකුත් කළ නියෝගයේ දක්වා ඇත්තේ.
කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය විසින් අදාළ අධිකරණ නියෝගය නිකුත් කර තිබෙන අතර මෙම නියෝගය මගින් ගාලු මුවදොර සහ ඒ අවට ප්රදේශයට ඇතුළුවීම ද වලක්වා ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

