අදත් සටන පණපොවනවා – වසන්ත මුදලිගේ
නිදහස් දින උත්සවයට එරෙහි විරෝධතාවයක් අද දිනයේ සංවිධාන කරන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.
එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පවසන්නේ මෙම විරෝධතාවය අද දිනයේ පැවැත්වීමට කලින් සංවිධානය කර තිබූ බවත් ඊයේ දිනයේ මරදාන එල්ෆිස්ටන් රගහල අසල සාමකාමී සත්‍යග්‍රහයක නිරත වූ පිරිසට එල්ල කළ පොලිස් ප්‍රහාරයටද මෙහිදී විරෝධය පල කරන බවත්ය.
ඊයේ රාත්‍රියේ මරදාන එල්ෆින්ස්ටන් රඟහල අතර සත්‍යග්‍රහයක නිරත වී සිටි පිරිසක් විසූ හැරීම සඳහා පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
පොලිස් අණ නොතකා ඔවුන් එම ස්ථානයෙන් දිගින් දිගටම විරෝධතා පැවැත්වීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කල බව පොලිසිය කියයි.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

