අමෙරිකානු රාජ්‍ය ලේකම්වයා චීන නිල සංචාරය අවලංගු කරයි
අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්ගේ චීන නිල සංචාරය අවලංගු කර තිබෙනවා.
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සිය චීන සංචාරය අවලංගු කිරීමට පියවර ගෙන ඇත්තේ අමෙරිකාවට ඉහළ අහසේ චීන බැලුනයක් පියාසර කරවීමේ සිද්ධියට විරෝධය පළ කිරීමක් ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම බැලුනය ඔත්තු බැලීම සඳහා යොදවා ඇති බවට චෝදනා කරන අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා, එය සිය රටේ ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමක් බව ද ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම සංචාරයේ නිරතවීමට නියමිතව තිබුණේ වසර ගණනාවකට පසු දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ පළමු සහ ඉහළ මට්ටමේ සකච්ඡාවක් සඳහා සහභාගී වීමේ අරමුණින්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

