Latestදේශීය

පොලීසියයි මැරයොයි කළේ එකම වැඩේ – තිළිණ අලහකෝන්

මරදාන එල්ෆින්ස්ටන් රගහල අසල සාමකාමී සත්‍යග්‍රහයක නිරථව සිටි ගෝල්ෆේස් අරගලකරුවන්ට ඉතා නින්දිත අයුරින් පහර දෙන්නට පොලීසිය ක්‍රියා කළ බව මාධ්‍යවේදී තිළිණ අලහකෝන් පවසනවා. ඊයේ (03) සවස සිට අද සවස දක්වා පැය 24ක් සාමකාමීව තම විරෝධය ප්‍රකාශකිරීමට ගත් ඉතා සාධාරණ ප්‍රයත්නය මෙන්ම ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දී ඇති ඒ අයිතිවාසිකම අමු අමුවේ උල්ලංඝනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ බීමත් මැරවරයින් යොදාගනිමින් සාමකාමී අරගලයට පහර දෙන්නට ආන්ඩුව ක්‍රියා කළ බවත් එහිදී පොලීසිය ඉතාම නිර්ලජ්ජිත ලෙස පහත් අයුරින් කටයූතු කළ බවත් අලහකෝන් මහතා අවධාරණය කරනවා.

මරදානේදී රනිල්ගේ බැනරයක් සරසමින් සිටි බීමත් එක්සත් ජාතික පාක්ෂිකයින් සාමකාමී සත්‍යග්‍රහයට කඩාපැන ගහන්න පටන් ගත් බවත්, ඒ අවස්ථාවේදී එහි සිටි පොලීසියේ උසස් නිළධාරීන් ඇඹරී ඇඹරී  බලා සිටියේ පොලීසියේ අවශ්‍යතාවයක් බීමත් චන්ඩි විසින් සිදුකරන පිටපතකට අනුව බව තමන්ට හොදින් ඒත්තු ගිය බව තිළිණ අලහකොන් මහතා වැඩිදුරටත් පවසනවා.

තමන්ගේ තාත්තා මෙන්ම පවුලේ බොහෝ පිරිසක් පොලිස් දෙපාර්ථමේන්තුවේ සේවය කළ ගෞරවාන්විත නිළධාරින් බව පවසන අලහකෝන් මහතා පොලිස් නිළ ඇදුමට ඇති සමාජ ගෞරවය ඉතා පහත් තැරැව්කාරයින් ලෙස ක්‍රියාකළ පොලිස් නිළධාරීන් ඊයේ අවමානයට ලක් කළ බව ද පවසනවා.

බීමත් චන්ඩි අත්අඩංගුවට ගන්නවා වෙනුවට සාමකාමී සත්‍යග්‍රහයට ජල ප්‍රහාර සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් ඉතාම පහත් අයුරින් කටයුතු කළ පොලිස් නිළධාරින්ගේ පඩිපත සහ මූළික අයිතිවාසිකම් කැපෙමින් තියෙන වටපිටාවක හෙට දවසේ පොලිස් නිළධාරීන්ටද සිදුවන්නේ එක්කෝ අරගලයට එක්වී අයිතිවාසිකම් දිනාගැනීමට සටන් කිරීම බවත් නැතිනම් කැරලි මර්ධන කුල්ලයි හෙල්මට් එකයි තියාගෙන පාරේ හිගාකන්න පොලීසියට සිදුවන බවත් තිළිණ අලහකෝන් මහතා වැඩිදුරටත් පවසනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *