බිත්තර ආනයනය කඩිනමින් ආරම්භ කිරීමට පියවර
බිත්තර ආනයනය සඳහා අදාළ, ඉන්දීය සැපයුම්කරුවන් විසින් ලබා දිය යුතු වාර්තා අද (04) දිනයේ ලැබීමට නියමිතව ඇති අතර අදාළ වාර්තා ලැබුණු වහාම සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එම වාර්තා යොමුකරන බවයි බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසන්නේ.
ආසිරි වලිසුන්දර මහතා පවසන්නේ ටෙන්ඩර් ක්‍රියාවලිය යටතේ තෝරාගෙන ඇති ඉන්දීය සැපයුම්කරුවන්ට අද දිනය ඇතුළත අදාළ වාර්තා ලබාදීමට පියවර ගන්නා ලෙස දැනුම් දී ඇති බවයි.
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලද විගස බිත්තර ආනයන ක්‍රියාවලිය කඩිනමින් ආරම්භ කළ හැකි බව ද ඒමහතා වඩිදුරටත් සඳහන් කළා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

