Latestදේශීය

කොරියානු භාෂා විභාග අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට

2023 කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා පෙබරවාරි 13 සිට ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් නිකුත් කෙරේ

දකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා 2023 වර්ෂයේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම 2023.02.13 දින සිට 2023.02.22 දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) සිදුකිරීමට නියමිතය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවිය මගින් විභාගය සඳහා අවශ්‍ය කරන අයදුම්පත් ලබාගැනීම සඳහා ලියාපදිංචිය ලබාගත හැකිය.

මේ සඳහා අවුරුදු 18-39ත් අතර පුද්ගලයින්ට (1983.02.14 සිට 2005.02.13 උපන් අයට) අයදුම් කළ හැකි අතර, වර්ණ අන්ධතාවය නොමැති, සිරගතවීමක් හෝ බරපතල වැරදිවලට වැරදිකරුවෙකු වී නොමැති, වර්ණ අන්ධතාවය, කොඳු ඇට පෙලේ ආබාධ සහිත, ඇගිලි අඩු හෝ ඉවත් කර නොමැති පුද්ගලයින් හා දකුණු කොරියාව මගින් පිටුවහල් කළ බවට පෙර වාර්තා නොමැති හා E-9 සහ E-10 වීසා කාණ්ඩ යටතේ වූ සේවා කාලයද ඇතුළුව වසර 5ට අධික කාලයක් දකුණු කොරියාවේ සේවය කර නොමැති පුද්ගලයින් විය යුතුය.

විභාග ප්‍රවේෂපත්‍ර ලබාගැනීම සදහා අයදුම්පත්‍රය, විදේශ ගමන් බලපත්‍රයේ ස්කෑන් පිටපතක්, මාස 3ක් ඇතුළත ලබාගත් 3.5 cm × 4.5 cm ප්‍රමාණයේ සුදු පැහැති පසුබිම සහිත ඡායාරූපයක ස්කෑන් කළ පිටපතක් අවශ්‍ය වේ. විභාග ගාස්තුව රු.10,140 ක් වන අතර, ලංකා බැංකුව, මහජන බැංකුව හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුවට මුදල් ගෙවු රිසිට්පත අවශ්‍ය වේ. (මුදල් ගෙවිය යුතු බැංකු ගිණුම් අංක www.slbfe.lk මගින් ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.)

නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා කොරියානු භාෂා ප්‍රවිණතා විභාගය 2023 මාර්තු 13 දින සිට අගෝස්තු 30 දක්වා පැවැත්වෙන අතර, ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා අවශ්‍ය භාෂා ප්‍රවීණතා විභාගය 2023 සැප්තැම්බර් 1 දින සිට නොවැම්බර් 30 දින දක්වා පරිගණක ආශ්‍රිතව, පන්නිපිටිය කොරියානු පරිගණක ආශ්‍රිත විභාග මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

මෙම විභාගය හා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වැඩි විස්තර කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවිය හරහා ලබාගත හැකිය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *