Latestදේශීය

බිත්තර සඳහා නව පාලන මිලක් නියම කෙරේ

බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් ඉකුත් අගෝස්තු මස නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් ගොනුකළ පෙත්සම අද (06) කැඳවනු ලැබුවා.

 එම අවස්ථාවේදී පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අභියාචනාධිකරණය හමුවේ දැනුම් දී තිබෙන්නේ බිත්තර සඳහා නව පාලන මිලක් නියම කරමින් නව ගැසට් නිවේදනයක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කර තිබෙන බවයි.

 එම නිවේදනයට අනුව සුදු බිත්තරයක් සඳහා රුපියල් 44ක් ද රතු බිත්තරයක් සඳහා රුපියල් 46 ක් වශයෙන් පාලන මිල නියම කර ඇත.

අදාල ඉල්ලීම සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව පෙත්සම්කාර පාර්ශවය වන බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය දන්වා ඇති අතර  පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බවද දන්වා ඇත. ඒ අනුව ඉකුත් අගෝස්තු මාසයේ පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කළ බිත්තර පාලන මිල පිළිබඳ ගැසට් නිවේදනය අධිකරණය විසින් අත්හිටුවීම නිසා බිත්තර නිෂ්පාදකයින්  බිත්තර මිලියන 20ක් 25ක් පමණ අමතරව විකුණා විශාල අයුතු ලාභයක් උපයා ගත් බව පරිභෝග සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා තිබෙනවා


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *