Latestදේශීය

විදුලිය කප්පාදුවට ඵරෙහි පෙත්සම සලකා බැලීම ජූලි මස 14 වන දා

උසස් පෙළ විභාග පැවැත්වෙන අවස්ථාවලදී විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය විසින් ගොනුකළ මුලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ජූලි මස 14 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය  නියෝග කර ඇත.

එම පෙත්සම සලකා බැලීම අද (06) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එම විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම ජුලි මස 14 වනදා සිදුකිරීමට තීන්දු කර තිබෙනවා.

එම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින විභාග කොමසාරිස්වරයාට යළි නොතීසි නිකුත් කරන ලෙසත් අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයට නියම කර තිබෙන අතර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා විසින් එම පෙත්සම ගොනුකර ඇත.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති වරයා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඇතුළු පිරිසක් මෙහි  වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *