බැන් කී මූන් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් සහ වත්මන් ගෝලීය හරිත සංවර්ධන ආයතනයේ සභාපති ලෙස කටයුතු කරන බැන් කී මූන් මහතා නිල සංචාරයක් සඳහා අද (06) දිවයිනට පැමිණ ඇත.
බැන් කී මූන් මහතා සහ සිව්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙසේ අද අලුයම දිවයිනට පැමිණ ඇති අතර විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඔවුන් පිළිගෙන තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

