Latestදේශීය

මෙරට  ජලභීතිකා රෝගය සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක්

ඉදිරි දිනවල මෙරට  ජලභීතිකා රෝගය සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් පවතින බව  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ ලංකාවේ ජලභීතිකා රෝගය තුරන් කිරීමට සාර්ථක එන්නත්කරණ ක්‍රියාවලියක් පැවති අතර අවාසනාවන්ත ලෙස එම එන්නත් වැඩසටහන සම්පූර්ණයෙන්ම අඬාල වීම හේතුවෙන් මෙම අවදානම් තත්ත්වය ඇති ව තිබෙන බවයි.

සාර්ථක එන්නත්කරණ වැඩසටහන් පැතැත්වීම හේතුවෙන් පසුගිය කාලය තුළ මෙරට ජලභීතිකා රෝගය නිසා සිදුවන මරණ අවම කර ගැනීමට හැකිවූ බව පෙන්වා දෙන  උපුල් රෝහණ මහතා , අඛණ්ඩ සැපයුමක් නොමති  නිසා දැන් එම වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක නොවන බවද පෙන්වා දෙනවා.

විශේෂයෙන්ම සුනඛයින් සඳහා ලබාදෙන ජලභීතිකා එන්නතක් ලබාදී අවම වශයෙන් වසරකට පසු නැවතත් එම එන්නත් ලබාදිය යුතුව තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *