Latestදේශීය

වැඩි වූ ගෑස් මිලට සාපේක්ෂව ආහාර මිල ඉහළ දමන්නේ නැහැ: ආපනශාලා හිමියන්ගේ සංගමය

ගෑස් මිල සංශෝධයන්ට සාපේක්ෂව  බේකරි ආශ්‍රිත නිෂ්පාදන මිල ගණන් ඉහළ නැංවීමක් සිදුනොකරන  බවයි ආපනශාලා හිමියන්ගේ සංගමය පවසන්නේ.

 රුපියල් 334ක මුදලකින් ගෑස් මිල වැඩිවීම සිදුවී ඇතත්  ඇතත්  ආපන ශාලා පද්ධතිය තුළ කිසිදු ආහාර පානයක මිල ගණන් ඉහළ නොදැමිම  සිදුකරන්නේ ආර්ථික අර්බුදය හමුවේ මිරිකෙමින් සිටින    පාර්භෝගිකයාට   සහනයක් ලෙස බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

නමුත් විදුලි බිල්පත් ඉහළ දැමීමක් සිදුවුවහොත් ආහාර පානවල මිල ඉහළ දැමීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නැංවුණු අතර කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,743ක් වේ.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,904ක් වන අතර කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් අද සිට රුපියල් 883කි.

එමෙන්ම  ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නැංවීමත් සමඟ ලාෆ්ස් ගෑස් මිල ද අද සංශෝධනය කෙරුණා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *