Latestදේශීය

අද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

අද (06) දිනයේ නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ද  සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

තවද බස්නාහිර සහ සබරගමුව පළාත්වල ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද  ඇතැම් ස්ථානවලට මි.මී.50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.

අද උදෑසන කාලයේදී ද කොළඹ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල සහ වෙරළබඩ ප්‍රදේශවල ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් එම නිවේදනයේ දක්වා ඇත.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට නිසි  පියවර ගන්නා ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *