Latestදේශීය

අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස්වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව අද (07) දහවල් රැස්වීමට නියමිතයි. හෙට (08) දිනයේ ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම රැස්වීමට කැදවා තිබෙනවා.

මේ අතර වාර්තා වන්නේ හෙට දිනයේදී ජල, විදුලි, තෙල් සහ වරාය වෘත්තීය සමිති ,ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණ කර ඇති බවයි.

මාසික වැටුප, අනෙකුත් දීමනා සහ මුදල් නොවන වරප්‍රසාද රුපියල් ලක්ෂය ඉක්ම වූ පුද්ගලයින්ගෙන් 6% සිට 36% දක්වා ආදායම් බදු අය කිරීමට රජය ගෙන ඇති තීරණය අත්හිටුවන්නැයි ඉල්ලමින් ඔවුන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට සූදානම් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *