Latestක්‍රීඩා

ආරොන් ෆින්ච් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි?

වසර 12ක් පුරා ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළ ඔස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් නායක ආරොන් ෆින්ච් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

2024 වසරේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් තමන්ට ක්‍රීඩා කිරීමට නොහැකි බැවින් කණ්ඩායමට සැලසුම් සකස් කර ගැනීම සදහා තමාට ඉවත් වීමට සුදුසු අවස්ථාව මෙය බව ෆින්ච් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වා්රතා පවසයි.

අරොන් ෆින්ච් පන්දුවාර විස්සයි විස්ස තරගවල ඉහළම ළකුණු ලබාගත් ක්‍රීඩකයෙකු ලෙස, ලකුණු 34.28ක ලකුණු ලබාගැනීමේ සාමාන්‍යයක් රඳවාගෙන සිටි අයෙක්.

පසුගිය වසරේදී ෆින්ච් එක්දින තරගවලින් ඉවත්වීමට පියවර ගෙන තිබුණා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *