නව වැනි පාර්ලිමේන්තුවේ සිව් වැනි සභාවාරය හෙට උත්සවාකාරයෙන්
නව වැනි පාර්ලිමේන්තුවේ සිව් වැනි සභාවාරය හෙට ආරම්භ වේ. පාර්ලිමේන්තු සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කරනු ලබන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි.
හෙට (08) පාර්ලිමේන්තු සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් පෙ.ව 10.00ට පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඊට අදාළ පෙරහුරුව පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පවත්වා ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමෙන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

