වර්ෂාවෙන් අසරණ වූ ගොවීන්ට සහන
වර්ෂාව නිසා වී වගාවට හානි සිදු වී ඇති ගොවීන් සදහා සහන වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. ඒ අනුව තමන්ගේ වී වගාවට හානි සිදු වී ඇත්නම් ගොවිඡන සේවා මධ්‍යස්ථානවලට දැනුම් දෙන ලෙස කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවි ජනතාවට පවසයි.
ඒ අනුව අක්කරයකට රුපියල් 40,000 බැගින් වන්දි පිරිනමන අතර හෙක්ටයාරයකට රුපියල් 100,000 ක් බැගින් වන්දි ලබා දීමට තීරණය කර ඇත.
විශේෂ රක්ෂණ ක්‍රමය යටතේ කන්නයකට රුපියල් 6,400ක වාරිකයක් ගෙවීම මගින් රක්ෂණය ලබා ගන්නේ නම් වන්දි වශයෙන් ලබා දෙන රුපියල් 40,000ට අමතරව තවත් රුපියල් 60,000ක මුදලක් ලබා ගැනීමට ගොවි ජනතාවට හැකියාව ලැබෙයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

