Latestදේශීය

සාමන්‍ය පෙළ අයදුම් පත් ඔන්ලයින් ක්‍රමයට පෙබරවාරි 28 දක්වා

අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනි සිටීම සඳහා වන අයදුම් පත් කැඳවීම 2023 පෙබරවාරි 01 සිටි 2023 පෙබරවාරි 28 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම විභාගය සඳහා රජයේ පාසල් සිසුන් අදාළ පාසලේ විදුහල්පති මඟින් මාර්ගගත (Online) ක්‍රමයට අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු අතර, පෞද්ගලික අයදුම්කරුවන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවිය වෙත පිවිස එහි සඳහන් උපදෙස් හොඳින් කියවා ඒ අනුව නිවැරදිව අයදුම්පත්‍ර මාර්ගගත ක්‍රමයට ඉදිරිපත් කළ යුතු වේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම යෙදවුම වන exams srilanka වෙත පිවිස අදාල උපදෙස් හොඳින් කියවා ඒ අනුව නිවැරදිව ඉදිරිපත් කළ යුතුයි. අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ලග තබා ගෙන අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබා ගන්නා ලෙසද විභාග කොමසාරිස් ජනරාල්වරයා උපදෙස් ලබා දි තිබේ.

2023 පෙබරවාරි 28 දින මධ්‍යම රාත්‍රී 12.00න් පසුව මෙම විභාගය සඳහා අයදුම් කළ නොහැක. කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර දීමේ කාල සීමාව දීර්ඝ නොකරන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *