“ ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනය සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේදී
“ ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාර්න්පොල් (Poj Harnpol) මහතා ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 04 වනදා කොළඹ 07 සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ දී විවෘත කෙරිණි.
නවක හා දක්ෂ චිත්‍ර ශිල්පීන් දායක කර ගනිමින් 75 වන නිදහස් දින සංවත්සරයට සමගාමීව මෙරට අභිමානය විදහා දැක්වෙන මෙම චිත්‍ර ප්‍රදර්ශනය ප්‍රවීන චිත්‍ර ශිල්පී ශිල්පී එච්. එස් සරත් මහතා විසින් සංවිධානය කර තිබේ.
බලාපොරොත්තු වූ පරිදි රට පුරා තරුණ මෙන්ම වැඩිහිටි චිත්‍ර ශිල්පීන් විශාල සංඛ්‍යාවක් මෙම චිත්‍ර ප්‍රදර්ශනය සඳහා චිත්‍ර යොමු කළ බවත්, අරගලයේ සිටි තරුණ තරුණයින් පවා ඒ අතර වන බවත් ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා චිත්‍ර ප්‍රදර්ශනය පිළිබඳ අදහස් දක්වමින් ප්‍රවීන චිත්‍ර ශිල්පී එච්. එස් සරත් මහතා පැවසීය.
පසුගිය 04 වනදා ආරම්භ වූ මෙම චිත්‍ර ප්‍රදර්ශනය පෙබරවාරි 10 වනදා දක්වා පෙ.ව 10.00 සිට ප.ව 5.00 දක්වා කොළඹ 07 සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ දී පැවැත්වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

