Latestදේශීය

කොළඹ කොටුව උණුසුම්

කොළඹ කොටුව අවට ප්‍රදේශයට මේ වන විට යුද හමුදාව කැඳවා තිබේ.

ඒ නව ආදායම් බදු පනතට විරෝධය පල කරමින් වෘත්තිය සමිති කිහිපයක් එකමුතුවෙන් ආරම්භ කර ඇති විරෝධතා ව්‍යාපාරය උණුසුම් තත්ත්වයක් ගැනීමත් සමඟයි.

විරෝධතා හේතුවෙන් කොළඹ කොටුවේ මාර්ග කිහිපයක් ම වැසී ගොස් ඇති අතර මාර්ග තදබදයක් ඇති වී තිබේ.

විරෝධතාකරුවෝ පැයක පමණ කාලයක් විරෝධතාවයේ නිරතව සිට එය අවසන් කලහ.

මේ අතර මූල්‍ය නොවන දීමනා සඳහා උපයන විට බදු අයකිරීම සංශෝධනය කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

ඒ අනුව නිවාස දීමනා, නිල නිවාස, ප්‍රවාහන පහසුකම්, සන්නිවේදන පහසුකම්, දුරකථන දීමනා ඇතුළු තවත් කාණ්ඩ කිහිපයක් සඳහා අය කළ බදු සංශෝධනය කර ඇත.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *