දේශීයසංස්කෘතික

“ගාලු දිසා ප්‍රවර්ධා සම්මාන උලෙළ – 2023”

75 වන නිදහස් දිනට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබු ” ගාලු දිසා ප්‍රවර්ධා සම්මාන උලෙළ – 2023 ” පසුගියදා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විණි.

එහිදී හොඳම ගෙවතු වගා වැඩසටහන ,හොඳම රුක් රෝපණ වැඩසටහන ,හොඳම ශ්‍රමදාන වැඩසටහන, හොඳම ග්‍රාමීය ආර්ථික කේන්ද්‍රය සහ හොඳම ග්‍රාම නිලධාරි කාර්යාලය යන ක්ෂේත්‍ර පහක් යටතේ සම්මාන සහ කුසලතා සහතික ප්‍රදානය කිරීම සිදුකෙරිණි.

ග්‍රාමීය ප්‍රජාව තුළ ආර්ථික හා සමාජ සංවර්ධනය උදෙසා ප්‍රජා සහභාගිත්ව යාන්ත්‍රණය ඇගයීමට මෙන්ම ප්‍රජා මූල රාජ්‍ය නිලධාරි ක්‍රියාකාරකම් ඇගයීම වෙනුවෙන් මෙම සම්මාන ප්‍රදානය සිදු කෙරිණි.

මේ අවස්ථාවට සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය වීලී ගමගේ , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සම්පත් අතුකෝරළ සහ වජිර අබේවර්ධන ඇතුළු ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ , ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *