තුර්කි – සිරියා භූ කම්පනය – මියගිය ගණන ඉහළට
තුර්කි – සිරියා භූ කම්පනය හේතුවෙන් මේ වනවිට සිදුව ඇති මරණ සංඛාව ඉහළ ගොස් තිබේ.ඒ අනුව මේ වන විට පුද්ගලයින් 8000 ක් පමණ ජීවිතක්ෂයට පත්ව තවත් 40,000 ක් පමණ තුවාල ලබා තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරයි.සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් විදෙස් රටවල ද සහය මත අඛණ්ඩව මේ වන විටත් ක්‍රියාත්මක බව එරට බලධාරීන් සදහන් කරයි.
කෙසේ නමුත් පෙර දිනවල මෙන් ගලවාගැනීමේ මෙහෙයුම්වලට පවතින දැඩි සීත කාලගුණය දැඩි බලපෑම් එල්ල වී තිබේ.
විවිධ සංවීධාන සහ රටවල් තුර්කියට සහ සිරියාවට සහන සහ ආධාර සැලසීමට එක්ව සිටීන බව වාර්තා වේ.ඒ අතරින් එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය, නේටෝ ඇතුළු සංවිධාන ප්රමුඛ වන වේ. එසේම , චීනය, රුසියාව, අමෙරිකාව , එක්සත් රාජධානිය,ඉන්දියාව, ඉරානය, ඕස්ට්‍රේලියාව , නවසීලන්තය, ග්‍රීසිය ,ජපානය , ඉරාකය පකිස්ථානය ඇතුළු රටවල්ද ඒ අතර වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද භූ කම්පනයෙන් විපතට පත් තුර්කි ජනාධිපති රිසිප් තායිප් එර්දොවාන් මහතා දුරකතනයෙන් අමතා මෙරට සහය පළ කර තිබේ.