පළාතොට ඝාතනයක්
තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරීමට සැකපිට 14 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.කළුතර, තේක්කවත්ත, පළාතොට ප්‍රදේශයේ දී මෙම ඝාතනය සිදුව ඇත.
මෙසේ මියගිය පුද්ගලයාව ඝාතනය කර ඇත්තේ ඔහුගේ බාල සහෝදරයා විසිනි. 26 හැවිරිදි අනුරුද්ධ ධනංජය ද සිල්වා නොහොත් සඳුන් යනුවෙන් හඳුන්වන ත්‍රීරෝද රථ රියදුරෙක් මෙලෙස ඝාතනය වි ඇත.ඊයේ (07) දහවල් අදාළ ඝාතනය සිදුව තිබෙන අතර පහරදීමෙන් අනතුරුව බරපතළ තුවාල ලැබු වැඩිමහල් සහෝදරයා ව නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.
බහින්බස්වීමක් දුරදිග යෑමෙන් බාල සහෝදරයා විසින් මන්නයකින් ගෙල ප්‍රදේශයට පහර දී මෙම ඝාතනය සිදු කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

