Latestදේශීය

බලංගොඩ කස්සප හිමියන් සහ තවත් අයෙක් අත්අඩංගුවට

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට විරෝධය පළකරමින් මහා සංඝරත්නය අද (08) පෙරවරුවේ කෝට්ටේ පැරකුම්බා පිරිවෙන අසලින් විරෝධතා පාගමනක් ආරම්භ කළා.

 භික්ෂූන් වහන්සේලා පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමග විරෝධතා පාගමනට පොලිසිය බාධා කිරීම නිසා උණුසුම් තත්වයක් හටගැනුණා.

13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට එරෙහිව මහා සංඝරත්නය පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවයේ නිරතවුවා. එහිදී පොලිසිය පාගමනට බාධා එල්ල කළත්  භික්ෂූන් වහන්සේ අඛණ්ඩව විරෝධතාවයේ නිරත වූණා.

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කරමින් සත්‍යග්‍රහයක් පැවැත්වූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු තවත් අයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නව පාර්ලිමේන්තු සැසිවාරයට මන්ත්‍රීවරු පැමිණෙන මාර්යෙහි සත්‍යග්‍රහයක් පවත්වමින් සිටි කස්සප හිමියන් සහ තුෂාර නැමැති අයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?