Latestදේශීය

මහපාරටත් බදු – බන්දුල ගුණවර්ධන

මහා මාර්ග භාවිතා කරන ජනතාවගෙන් ඒ සඳහා මාසිකව මුදලක් අය කිරීමට සාකච්ඡා කරමින් ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග  අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

පවතින ආර්ථික අර්බුදය හමුවේ රටපුරා ඇති මහා මාර්ග නඩත්තු කිරීමට හැකියාවක් රජයට නැති නිසා මාර්ග සංවර්ධන අරමුදලක් ඇති කර ඒ සඳහා මෙම මුදල් රැස් කිරීමට අදහස් කරන බව ද හෙතෙම පැවසීය.

මුදල් අමාත්යාංශයේ යෝජනාවක් මත මෙම සාකච්ඡා සිදුකරන බවද පැවසූ ඔහු අයවැය මගින් යෝජනා කර ඇති පරිදි මෙම අරමුදල පිහිටුවන බවත් රජය විසින් රුපියල් මිලියන 100ක මුදලක් මුලින්ම ඊට බැර කරන බවද ඇමැතිවරයා පැවසීය.

ජනවගෙන් අයකරගන්නා මුදල් ඉන්ධන හරහා හෝ අය කර ගැනීම සිදුකරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

මේ අතර බදු බරට එරෙහිව රට පුරා විවිධ ක්ෂේත්‍රයන් තුළින් විරෝධතා මතුව ඇති වටපිටාවක අමාත්‍යවරයාගේ මෙම යෝජනාව රටතුළ දේශපාලනය තවත් උණුසුම් වනු ඇති බවයි දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

තවද 1848 මාතලේ කැරැල්ලට (පුරන්අප්පු සටන) මූළික හේතුවක් වූයේ එවකට සුදු පාලකයින් බදු පැනවීම බවත්, බදු බර නිසා රටේ දේශපාලනය කිසිවෙකුට හෝ පුරෝකතනය කළ නොහැකි දිශාවකට හැරවීමට නියමිත බවත් ‌එම විශ්ලේෂකයින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *