දුම්රිය රියදුරන් වැඩ වර්ජනයකට සැරසෙයි
ලොකොමොටිව් දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.
අද (09) මධ්‍යම රාත්‍රියේ සිට එම වැඩ වර්ජනයක ක්‍රියාත්මක වන බවයි එම සංගමය පවසන්නේ.
පසුගිය වසරේ අගෝස්තු මස 06 වනදා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙත ඉදිරිපත් කළ ගැටළු රැසක් වෙත සාධනීය ප්‍රතිඵල නොලැබීම හා අසාධාරණ බදු අයකිරීමේ තීරණයට විරෝධය පළකිරීම සඳහා මෙම වෘත්තීය සමති තීරණය ගෙන ඇති බවයි එම සංගමය වැඩිදුරටත් පැවසුවේ.
මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇති බවද සංගමය පවසනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

