ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීමේ වර්ධනයක්
මේ වසරේ දී ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අනුව 2023පෙබරවාරි පළමු සතිය තුළ දී 26,506 ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි අධිකාරිය පවසන්නේ.
2023 වසරේ පෙබරවාරි 07 දින දක්වා පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 129,051 ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ වාර්තාවක දැක්වා ඇත්තේ.
රුසියාව, ඉන්දියාව, එක්සත් රාජධානිය යන රටවලින් පෙබරවාරි පළමු සතිය තුළ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

