13 දෙනවා නම් 13 දෙනවා යැයි කියන්නේ ඇයි?
(මහේෂ් හපුගොඩ)
ඔය දහතුන ගැන දැන් හැමෝම කතාවෙනවනේ. ව්‍යවස්ථාවේ 13 තිබුණට ඒක ක්‍රියාත්මක කිරීම පැත්තක තියල මේ ගැන කතාකරන එකක් තමයි හැමදාම තිබ්බේ. කතාකරනවා. කෙළ ගන්නවා. මිනිස්සුන්ට පේන්න.
ඇත්තටම දෙන එකා දෙනවා මිසක් කතා කර කර ඉන්නේ නැහැ.
බොරුවට ගොබ්බ චන්දදායකයින් අවුස්සලා, උන්ගේ ජාතිකත්ව ෆීලින් එක අවුස්සලා, ‘මොකක්දෝ දෙයක් නැතිවෙයි’ කියල බය ගන්නල, චන්ද කඩාගන්න වැඩපිළිවෙළකට වඩා දෙයක් මේකේ කවදාවත් තිබ්බේ නැහැ. අනික දැන් මේකේ නැතිවෙන්න තියෙන්නේ මොකක්ද? සිංහල, දෙමල, මුස්ලිම්, මැලේ, බර්ගර් හැමෝටම දැන් තියෙන්නේ වැළලෙන්න විතරයි.
විශේෂයෙන් චන්ද කාලෙට මාවනැල්ලේ බුදු පිළිමෙට ගලක් ගහනව වගේ ගොන්පාට් එකක් මේක. චන්දෙ කාලෙට ඇදල ගන්නවා. පස්සේ අකුලලා සාක්කුවට දාගන්නවා ආයෙත් චන්ද කාලෙට ගන්න බලාපොරොත්තුවෙන්. ඊට පස්සේ මොකක් හරි ජල්බරියක් නටනවා ඊයේ පාර්ලිමේන්තු වටරවුමේ නැටුවා වගේ.
අතළඟ තියන අනික් හැමදේම අමතක කරන්න ගහන අමුකපටි ගේමක් මේක. විධායක ජනාධිපතිකමත් තියාගෙන, තුනෙන් දෙකත් තියාන තවත් මොකක්ද ඕනි?
1987 නොවැම්බර් 14 මේක අපේ ව්‍යවස්ථාවට එන්නේ ඉන්දු ලංකා ගිවිසුම එක්ක. ඒක යම් බලහත්කාරයක්. අපේ භූමියට ඉන්දියාව බලෙන් ඇවිල්ල පරිප්පු දාල, ඉන්දියන් හමුදාව ඇවිල්ල, රජීව් ගාන්ධි ඇවිල්ල තුවක්කු පාරවල් කාල අපේ ව්‍යවස්ථාවට දාපු ආගන්තුක දෙයක් මේක (alien element).
හැබැයි දැන් ඒක අපේ ව්‍යවස්ථාවේ කෑල්ලක්. පළාත් සභා රට වටේ ඇවිල්ල, දැන් කාලයක් ගතවෙලා, දැන් ඒක අපේ දෙයක් වෙලා තියෙන්නේ. මුලින් ආගන්තුක උනාට දැන් ඒක අපේ. දැන් තියෙන්නේ ව්‍යස්ථාව ක්‍රියාත්මක කරන්න. එච්චරයි.
රටේ වටේ තියන අනික් පළාත් සභා වලින් මහා ලොකු අමුතු දෙයක් සිද්දවුණේ නැහැ වගේ උතුරු නැගෙනහිර උණත් දැන් ආයේ අමුතු මඟුලක් මේකෙන් සිද්ද වෙන්නේ නැහැ. දැන් සිද්දවෙන ගොබ්බ වැඩ ටික ඇරෙන්න.
අනික උන් ලැබෙන සාපේක්ෂ නිදහස ඇතුලේ අලුත් දෙයක් කළොත් ඒකත් කමක් නැහැ.
අපි නොකරන එකේ උන් හරි මොනවාහරි කරන්නේ නැතෑ…
ඇයි උන් අලුත් දෙයක් කරනවට අපි බය?
කවදාහරි අපි විනාශ වෙන්නේ 13 දුන්න නිසා නම් නෙවෙයි. අලුත් දෙයක් කරන්න බැරිවෙච්ච නිසා කියල ලියල තියාගන්න.