ගල්අඟුරු නෞකාවලට මුදල් නෑ – ලංකා ගල්අඟුරු සමාගම
නොරොච්චෝලේ බලාගාරයට රැගෙන එනු ලබන ගල්අඟුරු නෞකා සඳහා මුදල් ගෙවීම අසීරු බව වාර්තා වේ. ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර මහතා සඳහන් කළේ, මේ වනවිට දිවයිනට පැමිණි ඇති නෞකාවට ගෙවීමට මුදල් නොමැති තත්වයක් බවයි.
මේ අතර තවත් ගල්අඟුරු නෞකාවක්ද දිවයිනට සේන්දු වීමට නියමිතයි. එම නෞකා දෙකටම 30% ක් ලෙස මුදල් ගෙවා තිබුණ ද ඉතිරි මුදල එම නෞකාවල ගල්අඟුරු ගොඩ බෑමට පෙර සිදු කළ යුතු බව ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා පෙන්වා දෙයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

